මහ ගොඩ යායේ අවුරුදු දා

2009 April 16
by Keheliya Bandara Gallaba | කෙහෙළිය බණ්ඩාර ගල්ලබ

http://www.wolfclaw.nu/bloodstain.gifතවත් අලුත් අවුරුද්දක් එළැඹ සැණෙකෙළි සමය ගෙවී ගියේය. නැවතත් වෙනදා වාගේම මේසය ළගම දවස ගත කරන්නට කාලය පැමිණ තිබේ. අන් වසර වල මෙන් කොහෝ නාදය වත් රතිඤ්ඤා හඬවත් මගේ දෙසවන් වල පිලිරැව් දෙන්නේ නැත.

අවුරුදු සමරන්නට පුල පුලා බලා සිටි කිරි දරුවන් ඇතුලු ගම් වැසියන් නව දෙනෙකු අමු අමුවේ වෙඩි තබා ඝාතනය කරනු ලැබ උන්ගේ නෑ සියන්ගෙ විලාපයෙන් ඇලලී ගිය ගම්මානයකට හූවක් දුරින් තවත් එවැනිම ගමක අවුරුදු සමය ගතකොට හද දෝංකාර දෙන අඳුරු මූසල මුස්පේන්තු හැඟීමෙන් යුතුව මේ සටහන ලියමි.

තුන්සිය හැටපස් දවසක් මහපොළොවත් සමග පොර අල්ලා දහදිය කඳුලු වගුරවා නෙලාගත් අස්වැන්න තම නැ සිය මිතුරන් සමග සතුටින් රස බලන්නට ලැබෙන වසරේ එකම අවස්ථාවත් බලාපොරොත්තුවත් විසින් මුවට ගෙනා සිනා පොද, කටින් කට දොරින් දොර ඉගිලී ආ බියකරු මස් වැද්දන් ගැන ආරංචි නිසා වියැකී යන අයුරු දකින්නට මම අවාසනාවන්ත වීමි.

වෙනදා මෙන්ම අටු කොටු වී, මුං, මෑ, තල, කොල්ලු ඈ බව බෝගයන්ගෙන් පිරී තිබුණේ ය. අත්තම්මා සෑදූ කැවිලි පෙවිලි සෑම අවුරුදු සමයක මෙන්ම මේසය හැඩ කළේය. ලොකු අප්පච්චීගේ ගෙදර සෑදූ කුරහන් තලපයත් කායමත් වෙනදා මෙන්ම අති රසවත් විය. නමුත් අවුරුදු මේසය රජ කළ සිනා කෙලි කවට කතා අතරින් පත වරින් වර සුසුම් නැග ආයේ ය.

වෙඩි පහරට ලක් වූ දරුවන් මවුන් රැගෙන බුත්තල රෝහලටත්, එතැනින් මොනරාගල රෝහලටත්, එතැනින් බදුල්ල රෝහලටත් ශල්‍ය වෛද්‍යවරු සොයා ගිය ගිලන් රථ තියදුරු තෙමේ මගේ හද පත්ලේ වීරයකු විය. මීට සති කිහිපයකට පෙර ගෝනගල් ආර මුරපොලට එල්ල වූ ප්‍රහාරයේ දී මියගිය හමුදා සෙබලෙකුගේ පොකට්ටුවේ තිබූ ජංගම දුරකතනය නොනවත් වා නාද වූ හැටි ගැන කතාව මා කම්පනය කලේ ය.

මහ ගොඩ යායේ මළ සිරුරු වල උණුසුම වියැකී යන්නටත් කලින් නැවතත් අවුරුදු දා රෑ ඔක්කම්පිටියේ හේනකට වැදුණු LTTE මෘගයෝ අසරණ ගොවීන් තිදෙනෙකු වෙඩි තබා මරා දැමූ හ.

සිනා පිරුණු මුහුණු රූප පෙට්ටියෙන් රට පුරා අවුරුදු සිරි ගැන මොර දුන්හ.තම දරු පවුල් ගැන මර බියෙන් තැති ගන්මෙන් පුරවාලනු ලැබ කණසල්ලෙන් පිරුණු මුහුණු ඒ දෙස බලා උන්හ.

වෙනදා අවුරුදු සමයේ සැණෙකෙළි සිරි ඉසිලූ බුත්තල නගරය මෙදා අඳුර වැටෙද්දී පාළුව ගියේ ය.
හිස තෙල් ගා ඈ දෙපා නමදිද්දී අත්තම්මා සැම දා මෙන් ම අපට තුණුරුවන් ගේ ආශිර්වාදය පැතුවා ය.

මේ ඒ අවාසනාවන්ත රෑ රෝහලේ සේවයේ නියුතු ව සිටි හෙද පුංචි අම්මාගේ ලේ වැකුණු නිල ඇඳුම් දැකීමෙන් ද මෘත ශරීරාගාරයක දී වෙඩි වැදුණු ළමා මළ සිරුරු දැකීමෙන් ද කම්පිත වූ සිතිවිලි දාමයක් නිසා ලියැවුණු සටහනකි. මෙය කියැවීමෙන් සිත් තැවුලකට පත්වූ අයෙක් වෙතොත් මගේ බලවත් කණගාටුව

7 Responses leave one →
  1. 2009 April 16

    I can’t even imagine such an experience. To kill children and innocent people who were hoping to have a chance to enjoy which rarely they get how cruel their hearts could be? Finally they(LTTE) are getting what they deserve. They can’t escape from the curse of the earth. Wail of the innocent people will never ever leave their minds.

    • 2009 April 16

      Yes, The terrorism is one of many hardships these people are facing.
      It is so sad to imagine living in a village where the old people even get ill-treated by the one-&-only bus driver of the area.(Its another story to write in a separate blog post).
      These incidents prove me of the fact that ethnicity or religion is not the major factor of discrimination in Sri Lanka. but the sheer misuse of power and corruption. They are deprived of basic human rights just because they are living far away from the city.

      I’m so touched by the will, values & spirit of all the youth & adults of these areas amidst all these hardships.

  2. 2009 April 16
    CeeVee permalink

    සාහසිකයන් කෙතරම් ඝාතන සිදු කලද අන්තර්ජාතික ප්‍රජාව නිහඩව බලා සිටීම ගැන කනගාටු වෙමි.පසු ගිය දින වල අන්තර්ජාලය ඔස්සේ පවා මාගේ සමහර මිතුරන් ඒක පාර්ශ්විකව කරුණු ඉදිරිපත් කරනු දුටිමි. මෙවන් සිදු වීම් වේදනාකාරී වුවද මෙලෙස සටහනක් තැබීම ගැන ඔබට තුති පුදමි. මන්දයත් සමහරක් තවමත් තද නින්දේ බැවින්……..

  3. 2009 April 20

    මොන විමුක්තියක් ලබාගන්න වුනත් මෙහෙමෙ අසරණ මිනිස්සු මරණ එක අනුමත කරන්නද .. මේකේ අවසානය කොතනද… මරු සටහන කෙහෙලිය…

    • 2009 May 2

      @CeeVee @ආගන්තුකයා
      සහතික ඇත්ත. අර්බුදය නම් අද සිදුවෙන නරි නාටක මැද්දේ මෙවන් දේ අපට නොදැනීමයි (සමීපතමයෙකුට විපතක් වන තුරු )

  4. 2009 May 19

    Isn’t limited to outskirts. Injustice bears no address.
    Just heard from a friend stuff that goes on at රනවිරු සෙවන. Very very sad situation.

    I pray that under the guidance of President Rajapakshe, we will see a better tomorrow.
    What we’ve achieved thus far with him, is awesome.

    • 2009 May 19

      Yes.. The optimism that we are living in a terror-free country from today onwards is a wonderful feeling. Under a proper guidance Sri Lankan youth is more than capable of turning Sri Lanka into the country the earlier generations dreamt of.

Leave a Reply

Note: You can use basic XHTML in your comments. Your email address will never be published.

Subscribe to this comment feed via RSS