මම මින්ට් ලිනක්ස් වලට මාරු වුණා.. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්

2009 April 6
by Keheliya Bandara Gallaba | කෙහෙළිය බණ්ඩාර ගල්ලබ

මේක ගැන ලියන්න මම ටිකක් ප්‍රමාද වැඩිද මන්දා. කිසි ආබාධයක් නැතුව වැඩ ටික කරගන්න පුලුවන් වෙච්ච නිසාත් අත් හදා බැලීම් කර කර මෘදුකාංග නැවත පිහිටුවා ගන්න වෙලාවක් නොතිබුණ නිසාත් මං මෙච්චර කල් ප්‍රාථමික මෙහෙයුම් පද්ධතිය හැටියට භාවිත කළේ උබුන්ටු 7.10. ඉවසලා ඉවසලා අන්තිමේදි උබුන්ටු 9.04ත් නිකුත් වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි තමයි සති දෙක තුනකට කලින් මින්ට් 6 හෙවත් ෆෙලීශියා හමු වුණේ.

උබුන්ටු 8.04 පදනම් කරගෙන බිහි උනත් මින්ට් ලිනක්ස් හි සුවිශේෂතා බොහොමයි. බහු මෙහෙයුම් පද්ධති පරිගණක සඳහා ලැබෙන GRUB මෙනුව අලංකාර පසුතල වලට ගැලපෙන පරිදි නවීකරණය වෙලා. පිහිටවූ ගමන් උණු උණුවෙම MP3 ගොනු ධාවනය කරන්න, ෆ්ලෑෂ් වීඩියෝ බලන්න, ජාවා සහිත වෙබ් පිටු බලන්න, සීමා රහිතව DVD නරඹන්න කිසි කරදරයක් නෑ. නීතිමය අවුලක් නැති රටකින් එන නිසාද කොහෙද ඔක්කොම මෙවැනි සහයක කොටස් මෙහි නිසඟයෙන්ම ඇතුලත්!Compiz එහෙමත් තිතට වැඩ…

ස්කයිප්, ගූගල් අර්ත්, අඩෝබ් රීඩර් වගේ දේවල් එහෙම පිහිටුව ගන්නත් කිසි වදයක් නෑ.මෘදුකාංග මූලාශ්‍රවල (Repositories) මේවා අඩංගු කර තියෙන නිසා ඕනෑම (Synaptic වැනි) පැකේජ පිහිටුවන්නක් මගින් එය කර ගත හැකියි.

මම අත් දැකපු තවත් අගනා දෙයක් තමයි Giver! තවත් මින්ට් පිහිටුවන ලද පරිගණකයක් සමග ගොනු හුවමාරු කර ගන්නට එමගින් හරිම පහසුයි (ssh,NFS,samba එපා.. ;-) ). Gnome Do කියන්නෙ වැඩසටහන් පහසුවෙන් අරඹන්න මින්ට් හි ඇති කෙටි මගක්. mintInstall, mintNanny, mintUpdate වගේ තවත් සුළු සුළු වැඩ කිඩ බොහොමයි. ඔබත් අත්හදා බලා ගුණ දොස් මටත් කියන්න

One Response leave one →
  1. 2009 April 7

    A great and interesting post. Keep on trying new stuff and post them :)
    And this new theme Rox to the max man. I really like it. Looks Professional, clean and crispy.

Leave a Reply

Note: You can use basic XHTML in your comments. Your email address will never be published.

Subscribe to this comment feed via RSS