Video Podcast, රෑපවාහිනිය සහ Miro TV
අදත් ගෙදර එනකොට හොදටම රෑ වෙලා. TV බලන්නවත් වෙලාවක් නෑනෙ අපිට දැන්. වෙලාවක් ලැබුනත් බලන්න දෙයක් නෑනෙ ඔය වෙලාවට.
කාලයත් අවකාශයත් වෙනුවෙන් පුදුම සටනක ඉන්න අපිට miro TV නියම විසඤුමක් වෙන්නෙ අන්න එ නිසයි. සම්පූර්ණයෙන්ම විවෘත මූලාශ්ර මෘදුකාංගයක් වන miro මගින් අපිට පහසු වෙලාවක චැනල දහස් ගණනක් අතුරින් අවශ්ය වැඩසටහනක් බාගෙන නැරඹිය හැකියි. උවමනා වන්නෙ වෙගවත් ජාල සම්බන්ධයක් සහිත පරිගණකයක් පමණයි. miro දත්ත ගොනුවෙ ලොව පතල පුවත්, සංගීත, ක්රීඩා, අද්යාපනික චැනල පමණක් නොවෙයි. දස

දෙස ජනයාගෙ පුද්ගලික video blogs පවා අඩංගුයි. සිත් ගත් චැනල වලට අලුත් වැඩසටහන් එක් වූ විට ඉබෙම දෘඩ තැටියට බාගත වන නිසා
දවසෙ ප්රවෘත්ති සොයා වෙබ් අඩවි සිසාරා කල් ගත කිරීමට අවැසි වන එකක් නෑ.
Mac OS, Windows, Ubuntu Linux වැනි කුමන මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්නෙකුට වුවත් http://www.getmiro.com/ වෙත ගොස් මෙම මෘදුකාංගය තම පරීගණකයෙ පිහිටුවා ගැනීමත් ඵය භාවිතා කිරීමත් කජු කන්නා වගෙ පහසුයි
මෙන්න මගෙ miro අත්දැකීමෙන් මතක සටහන් කීපයක්

ඔබ කැමති විෂයන් ඔස්සෙ සොයන්න

විදු ඉගෙනුමට අනගි මගක්


මැදහත් පුවත් විවරණය ගෙදරටම

miroහි ඔබ කරන අත්හදා බැලීම් ඔබෙ අසි දිසි රස වින්දනය නව මගකට ගෙන යාවි නිසගෙයන්ම මට හිතෙන හැටියට
RSS - Posts






that sounds good
can you please give us a idea about the Miro’s data usage
i mean average download capacity per a day with the number of channels
because my broadband is under FUP
muchung i don’t have news,edu, tech filders you have above…. so i can’t watch any TV with this… any help adding some channels so i can watch?
We can add folders as we want and categorize channels accordingly.. Explore the menus and you’ll find out the rest. Enjoy